• (+94) 91-5781606
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dellawa M.V.

ගා/ දෙල්ලව මහා විද්‍යාලය (ජාතික පාසල)

Udugama Zone

  • Register
  • Login
Dellawa M.V.

ගා/ දෙල්ලව මහා විද්‍යාලය (ජාතික පාසල)

Udugama Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පහත රට තෙත් කලාපයට අයත් සිංහරාජ වනාන්තරයට නෑකම් කියන ඓතිහාසික උරුමයන්ගෙන් යුත් ගම්මානයකි. එක පැත්තකින් අහරගල වනයෙන්ද මිල්ලව, කඩිහිංගල, පනාගොඩ, දේවාලේගම යන ගම්මානවලට මැදි වූ දෙල්ලව ගම්මානය ඉතා සුන්දරය. අවට කදු වලින් වට වූ මේ ගම්මානය පහත් භූමියකි. එම කඳුවලින් ඇදහැලෙන කුඩා දිය පහරවල් නිසා වඩාත් අලංකාර වී ඇත. මෙම ගම්මානය සුන්දර කරන්නේ ස්වභාවධර්මයෙන් ලත් දායාදයන්ය. එමෙන්ම ගම්මානය තුළ දෙල් ලවලක් පැවති නිසා දෙල්ලව නමින් හැඳින්වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
දකුණු පළාතට අයත් ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දෙල්ලව විදුහල් මාතාව වසර සියයක ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියයි. ඒ අනුව මෙම විද්‍යාලය ආරම්භ කළේයැයි සැලකෙන්නේ 1907 වර්ෂයේදීය. එදා දෙල්ලව විදු පියස ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාව ලෙසත් පසුව ශ්‍රී පැරකුම් විදුහල ලෙසත් හඳුන්වා ඇත.
මුල්ම පාසල් ගොඩනැගිල්ල "පොල්ලේ ගෙදර " පැවැති බව ගම්මු කියති. එම පාසල් ගොඩනැගිල්ල බටකොළ සෙවිලි කරන ලද තාවකාලික ගොඩනැගිල්ලකි. එම පාසලට පත්ව ආ මුල්ම ගුරුතුමා මාතර දම්පැල්ල නම් ගමේ කෙනෙකි. ඔහු දම්පැල්ල මහතා ලෙස හැදින්වුවා මිස නම කිසිවෙකු නොදනිති. මේ නිසා දම්පල්ලේ මහතා මෙම විද්‍යාලයට පත්ව ආ මුල්ම විදුහල්පතිවරයා වශයෙන් විද්‍යාලයීය ඉතිහාසයට එක්වේ.
දෙවනුව විද්‍යාලයීය ඉතිහාසයට එක්වන්නේ අම්බලන්ගොඩින් පැමිණි මුල්ගුරු මහතෙකි.
තුන්වනුව පාසලට පත්ව ආ මුල් ගුරුතුමා පඩිකාර මුහන්දිරම් පි එෆ් අබේවික්‍රම මැතිතුමාය.එතුමාගේ කාලයේ පාසල පිහිටි ස්ථානය වෙනස් වී ඇත.නැවත පාසල් ගොඩනැගිල්ල සාදන ලද්දේ පොල්ගම්පලය. එම ස්ථානය වර්තමානයේ "පරණ ඉස්කෝලේ වත්ත " නමින් හදුන්වනු ලබන්නේ මේ නිසා ය. හතරවන විදුහල්පතිතුමා පැමිණියේ එම පාසලටය. එයද තාවකාලික ගොඩනැගිල්ලකි. දඩී ඒ එස් රණතුංග මැතිතුමා ඉගැන්වීම ආරම්භ කලේ එම ගොඩනැගිල්ලේ බව දැනගන්නට ලැබුණි. පසුව එම ගොඩනැගිල්ල වෙනස් කර දෙල්ලව පී අබේගුණවර්ධන (පල්ලිය රාලහාමිලාගේ) ගෙදර වත්තේ ද ඉන්පසුව කම්මලේවත්තේ රාළහාමිලාගේ ගෙදර වත්තේ ද අපේ නායක ස්වාමීන් වහන්සේලාගේ ගෙදර වත්තේ ද (උඩහ ගෙදර) ආදී ස්ථානවල ද පාසල පවතවා ගෙන ගොස් තිබේ.
වර්තමානයේ විද්‍යාලය පිහිටා තිබෙන ස්ථානයෙහි ස්ථීර ගොඩනැගිල්ලක් සාදා මෙම විද්‍යාලය ආරම්භ කරන ලද්දේ 1930 පමණ ය.
විද්‍යාලය ආරම්භයේදී සිසුන්ට අධ්‍යාපනය ලබා දීමට මුල් වී ඇත්තේ එකම ගුරු මහත්මයෙක් හා මහත්මියක් පමණි.දස දෙනෙකුට අසන්න සිසුන් ප්‍රමාණයක් මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ගැනීමට පැමිණ ඇත.
කඩිහින්ගල, කුකුල්කන්ද, මිල්ලව, දේවාලේගම, යන ගම්වල සිසුන් පවා දුරකතර ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමට පැමිණ ඇත.සිසුන් වැඩි දෙනෙක් පාසල නිමා වී නාවලහෙන්දෙනියට ගොස් හිබටු, දං, නාරං කා ඇලෙන් වතුර නා සවස 4 ට පමණ නිවෙස් වලට යන බව ද දැනගන්නට ලැබුණි.
හේනේ කුබුරේ වැඩට දරුවා සහභාගී කර ගැනීමට හැකි වූ විට පාසැලෙන් අස්කර ගැනීම මෙකල සිරිත විය.ළමයා පාසලට නොපැමිණීම පිලිබදව ගම්සභා උසාවියේ නඩු පවරා දඩ නියම කිරීම තිබුනත් කෙසේ හෝ ළමයා විදුහල්පතිතුමා ලවා අස්කරවා ගැනීමට දෙමාපියෝ පසුබට නොවුහ. එකල ගමෙහි නිලධාරී දෙදෙනෙක් සිටියහ. එනම් විදුහල්පතිතුමා හා ගම්මුලාදෑනි මහතා ය.
මෙකල තැපැල් කාර්යාලය පවත්වා ගෙන ගොස් තිබෙන්නේ ගුරු නිවාසයෙහිමය. පෙ ව 10ට පමණ වන විට මොරවක සිට මිල්ලව ගම හරහා ආදී පාරේ පැමිණෙන තැපැල් කරුවෙක් සිටි බවත් ඔහු ගෙනෙන ලියුම් මල්ල කඩා ලිපි රැගෙන ලියුම් පෙට්ටියේ ඇති ලියුම් මල්ලට දමා සීල් තබා ලියුම් කරුට දීම විදුහල්පතිතුමාට අයිති අමතර රාජකාරියක් විය.
අතීතයේ සිසුන් පාසල වෙත පැමිණෙන්නේ උදේ 8 ත් 9 ත් අතර කාලයේදීය.විද්‍යාලය ආරම්භ වන්නේ උදේ 10ට පමණය. පෙ ව 9 සිට 10 දක්වා කාලය තුල සිසුන් වතු වල වැඩ වල නිරත වුහ.පාසල නිමා වුයේ ප ව 2ට පමණ ය.
අධිරාජ්ජවාදීන්ගේ ග්‍රහණයට හසු වූ කාලයේ දී බටහිර ජාතියක් වන ඉංග්‍රීසි පාලන කාලය හෙයින් විද්‍යාලයේ ගීයක් ගායනා කර ඇත.
එම පාසල් ගීය මෙසේ ය.

"අප මහා රජ සැරදේවා
විද විද සිරි සැප බෝවා
ලොව හැම තැන සාමදාන
පතුරන ඔබ ගුණ නිදාන "

ඒ කාලයේ දිවා අහාරය සදහා මුං ඇට, කඩල වැනි ආහාර ළමුන්ට ලබා දී ඇත.අතීතයේ පාසලට නිල ඇදුමක් නොතිබූ බවත් පිරිමි ළමුන් සරම සහ කමීසයත් සමහර කුඩා ළමුන් රිවි අදුමද ගැහැණු ළමුන් රෙදි හැට්ට සහ චීත්ත ගවුම් ඇද පාසලට පැමිණි බවත් ජනප්‍රවාදයේ සදහන් වේ

 

 

 

 

ආරම්භ කළ වර්ෂය

1907

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

10

මුල් ගුරුතුමාගේ නම

දම්පැල්ල මහතා 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන                         

01

පාසලේ නම

ගා/ දෙල්ලව මහා විද්‍යාලය                                           

   

 

 

 

{QF3=5}

Dellawa M.V.

ගා/ දෙල්ලව මහා විද්‍යාලය (ජාතික පාසල)

Udugama Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ගා/ දෙල්ලව මහා විද්‍යාලය, දෙල්ලව, මොරවක 
  • දුරකථන(+94) 91 5781606

Supported By

© 2026 Dellawa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk