|
(1950-1955) |
කේ වී තිලකරත්න මැතිතුමා |
![]() |
අගලවත්ත, පොල්ගම්පල සිට පැමිණි මෙතුමාගේ කාලයේදී ගුරු මණ්ඩලයේ පස් දෙනෙකු පමණ සිටි බව දැනගන්නට ලැබුණි . එමෙන්ම ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ වී ඇති බවත් විද්‍යාව, ගණිතය, සිංහල විෂයයන් සදහා ගුරු මහත්ම මහත්මීන් පැමිණ ඇත. 1954 වර්ෂයේදී ඇති වූ විශාල පෙරලියක් වුයේ ජ්‍යෙෂ්ඨ පාඨමාලා විභාගය ආරම්භ කිරීමට මුල පිරීමයි. මෙතුමාගේ කාලයේ පාසල් වත්ත ඉතා අලංකාර කිරීම හා විෂයන්හි ඉගැන්වීම් වල ප්‍රගතියක් තිබු බව දැනගතිමි. මේ කාලයේ විශාල ගුවන්විදුලි යන්ත්‍රයක් ලැබුණු බවත් ගම්මු රැස්වී ගුවන් විදුලි යන්ත්‍රයට ඇහුම්කන් දෙන බව ද දන ගත හැකි වුහ. |
|
1956 |
ඒ වී පල්ලියගුරු මැතිතුමා |
![]() |
මෙතුමා සිටි කල ගුරු මණ්ඩලය 5 දෙනෙකු පමණ සිටි බවත් ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරු මහත්මියක් පැමිණි බවත් දැනගන්නට ලැබුණි. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පාඨමාලා විභාගය ආරම්භ වීම සිවිශේෂී සිදුවීමකි.මෙතුමාගේ කාලයේ දෙල්ලව විහාරස්ථානයේ ඇති පූජ්‍ය ශාස්ත්‍රවේදී දෙල්ලව ජිනරතන හිමිපාණන් වහන්සේ මෙම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුහ. පාසලේ ප්‍රගතියක් මෙතුමාගේ කාලයේ දක්නට ලැබුණු බව දැනගන්නට ලැබුණි. |
|
(1957-1964-1965) |
එස් ත්‍රීමහවිතාන මැතිතුමා |
![]() |
ජාතික ඇඳුමින් සැරසී පාසලට පැමිණෙන මෙතුමා ඉතා දක්ෂ කාර්යශූර විදුහල්පතිවරයෙකු ලෙස හැඳින්වුවහොත් නිවැරදිය. මේ කාලය විද්‍යාලය දීප්තිමත්ව පවතී බව තොරතුරු සෙවීමේදී දැනගත හැකිවේ. මෙකල පාසලට පැමිණි එස්.ත්‍රිමහවිතාන මැතිතුමා දෙල්ලව විද්‍යාලයට පැමිණීම හා විද්‍යාව ඉගැන්වීම ආරම්භ වීම සිදුවී ඇත. සිතාරය වාදනය, උඩරට නැටුම් හා නක්ෂත්‍ර පිලිබඳ මහා දැනුමක් පැවති බව දැනගන්නට ලැබුණි. ජස්ටින් ගුණසේකර නම් විද්‍යා ගුරුවරයෙකු මෙම විද්‍යාලයට පැමිණ ඇත.ගුරු දෙගුරු රැස්වීම් පවත්වා ඇති අතර හවස පන්ති පැවැත්වූ බව දැනගතිමි. ක්‍රීඩා උත්සවයක් පැවති බවත් දැනගතිමි. |
|
(1958-1960) |
එච්.බී.චන්ද්‍රසේකර මැතිතුමා |
![]() |
බණ්ඩත්තර සිට මෙතුමා පැමිණ ඇත. අත්කම් පිළිබඳ උනන්දුවකින් කටයුතු කළ කාලයකි. එමෙන්ම අධ්‍යාපනික ප්‍රදර්ශනයක් පැවති බව දැනගන්නට ලැබුණි. දෙල්ලව විහාරස්ථානයෙහි ධර්මශාලාව ඉදි කිරීමට මුල්වී ක්‍රියාකර ඇත. අතිරේක පන්ති පවත්වමින් සිසුන්ට අධ්‍යාපනය ලබාදුන් විදුහල්පතිවරයෙකි. ජ්‍යෙෂ්ඨ ශාලා සහතික පත්‍ර විභාගය සිසුවකු හා සිසුවියක සමත්වූ බව දැනගතිමි. මෙතුමාගේ කාලයේ මෙම විද්‍යාලය දියුණුව පවතී වකවානුවකි. |
|
(1968-1971,1978-1985) |
ඩබ්.ත්‍රිමහවිතාන මැතිතුමා |
![]() |
මුල් කාලයේදී මුල් කටයුතු කර ඇත. එතුමාගේ කාලයේ 1970-11-06 වැනිදා පාසලේ බෞද්ධ ශිෂ්‍ය උනන්දුව මත බුදුමැදුරක් සකස් කර විවෘත කර ඇත. බුදුමැදුරක් සකස් කිරීම සඳහා කේ.ජී.හේමවතී ගුරු මහත්මිය මුල් වී ක්‍රියා කර ඇත. එමෙන්ම විද්‍යාලයේ බෞද්ධ ශිෂ්‍ය සමිතියක් පැවති බව හා 1971-08-01 දින ගුරු දෙගුරු සංගමයේ රැස්වීමක් පැවති බව සඳහන් වේ. |
|
(1971-08-31 සිට 1972-01-01) |
ඒ.ජී.ගුණවර්ධන මැතිතුමා |
![]() |
මෙම කාලයේ පුස්තකාලයේ පොත් පරිහරණය කළ බව දැනගන්නට ලැබුණි. 1972-01-01 දින මෙතුමා විශ්‍රාම ගියේය. |
|
(1972-09-01 සිට 1974-02-03) |
කේ.අලහකෝන් මැතිතුමා |
![]() |
මෙතුමාගේ කාලයේ සිසුන් 190ක් පමණ අධ්‍යාපනය ලැබූ බව හා ගුරු මණ්ඩලය 7 දෙනෙක් පමණ සිටි බව සඳහන් වේ. මෙතුමාගේ කාලයේ හාපුරා කියා මෙම විද්‍යාලයෙන් අධ්‍යාපන චාරිකාවක් ලෙස කොළඹ අවට ප්‍රදේශ නැරඹීමට ගොස් ඇත.
|
|
(1974-02-03 සිට 1978-01-31) |
එස්.පී.දිසානායක මැතිතුමා |
![]() |
මෙතුමා නිහතමානී චාම් ගති පැවතුම් ඇති විදුහල්පති කෙනෙකු බව සඳහන් කළ හැකිය. මෙතුමාගේ කාලයේ ගුරු මණ්ඩලය 07 පමණ සිටි බවත් ශිෂ්‍ය සංඛ්‍යාව 193ක් පමණ අධ්‍යාපන ලබා ඇති බව සඳහන් වේ. නක්‍ෂත්‍රය පිලිබඳ මනා දැනුමක් පැවති බව සඳහන් වේ. දිසානායක මහත්මියද මේ කාලයේ සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා දී ඇත.
|
|
(1985 ඔක්තෝබර් - 1986 පෙබරවාරි) |
හේමපාල අබේගුණවර්ධන මැතිතුමා |
![]() |
මෙතුමා මේ කාලය තුල වැඩ බලන විදුහල්පතිතුමා ලෙස කටයුතු කර ඇති බව සඳහන් වේ. |
|
(1986-1988) |
පී.ජී.පියසිරි මැතිතුමා |
![]() |
මෙතුමා අහංගම ප්‍රදේශයෙන් පැමිණ ඇත. එම කාලය තුළ විදුහල්පතිතුමා ලෙස මෙම විද්‍යාලයේ කටයුතු කර ඇති බව සඳහන් වේ. |
|
(1988 සිට 1995.01.19) |
ටී.ගුණපාල මැතිතුමා |
![]() |
මෙම පාසලේ වර්තමාන දියුණුවේ ආරම්භය මෙතුමාය. විද්‍යාලයේ භෞතික සම්පත් හීනව පැවති කාලයක දෙමහල් ගොඩනැගිල්ල, ප්‍රධානශාලාව, විද්‍යා කාමරය හා ඊට සම්බන්ධ අනෙක් ගොඩනැගිල්ල, ගුරු නිවාසය සහ වැසිකිළි කැසිකිළි පද්ධතියක්ද මෙතුමාගේ කාලයේදී ඉදි විය.තරුණ පුනරුත්තාපන වැඩසටහනන යටතේ ජනාධිපති කොමිසමේ යෝජනාවක් අනුව අයි.එෆ්.බි ව්‍යාපෘතිය යටතේ මෙම ගොඩනැගිලි ඉදිවිය.1995 දී ගුරුමණ්ඩලය 21 දෙනෙකු සිටි බවත් ශිෂ්‍ය සංඛ්‍යාව 436 පමණ සිටි බව දැනගතිමි.මෙතුමාගේ කාලය පාසලේ භෞතික සම්පත් විශාල ප්‍රමාණයකින් වැඩිවීම දැකිය හැකි විශේෂ ලක්ෂණයකි.1988 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාවේ උදව් ඇතිව ක්‍රීඩාපිටිය සකස් කිරීම,සිගිති ළමා උයන සකස් කිරීමද මෙතුමාගේ කාලයේ සිදුකරන ලදී .1995-01-19 දින සිට 1995-01-26 වැනි දින දක්වා විද්‍යාලයේ වැඩ බැලීම සිදුකර අත්ත්තේ ඒ.පි.සමරසිංහ ගුරුමහත්මියයි. |
|
(1995-19.. ) |
පී කේ ප්‍රේමදාස මැතිතුමා |
|
(19..--2019) |
ධර්මදාස කුමාරගේ මැතිතුමා |
