ගගන තලාවේ පෑයූ සඳ සේ
ආලෝකය දෙයි දසත පුරා
දෙල්ලව මහා විදුහල් මෑණියනී
නමදිමු බැතියෙන් සිරස නමා ......//
ඔබ පා සෙවනේ සිප් නන ලබමින්
ක්‍රෝධය වයිරය ඉවතට හරිමින්
සොහොයුරු ප්‍රේමෙන් සමගිව සාමෙන්
එක් වී ලොව ජයගමු අපි නිබදව .......//
ගැමුණු තිස්ස හා විජය සිහල ගති
ක්‍රීඩාවෙන් පෝෂණය කෙරේ
සාහිත රසයෙන් ලලිත කලාවෙන්
සිසු දිවියේ කඩ තිරය හැරේ ......//